Aug 12, 2020

සංජේ දත් ට පෙනහළු පිළිකාවක් !

ජනප්‍රිය බොලිවුඩ් නළු සංජේ දත්, 3 වන අදියරෙහි පසුවන පෙනහළු පිළිකාවකින් පීඩා විඳින බව වාර්තා වේ.

ශ්වසන අපහසුතා හේතුවෙන් පසුගිය 08 දා ඔහුව ලිලාවතී රෝහලට ඇතුළත් කර තිබුනු අතර, මෙහිදී ඔහුට COVID-19 වැළඳී නැති බවට තහවුරු කරගෙන තිබේ.

ඊයේ දිනයේ දී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සංජේ පවසා සිටියේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවධානය යොමු කිරීම සඳහා සිය වෘත්තීය කැපවීම් වලින් "කෙටි විවේකයක්" ගන්නා බවයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇමෙරිකාව බලා පිටත්වීමට නියමිතයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top