ඔහු 2019 ජුනි 01 - 2020 ජුනි 01 දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 87.5ක් උපයා ඇති බව වාර්තා වේ.
ඊට අමතරව, ඔහු සිය ශරීර සුවතා ඇඳුම් එකතුව වන 'ප්රොජෙක්ට් රොක්' වෙතින් ද මුදල් උපයාගෙන තිබේ.
මෙවර ඉහළම ආදායම් උපයන්නන් අතර සිටින මුල් දසදෙනා ඩොලර් මිලියන 545.5 ක් උපයා ඇති අතර, ඉන් හතරෙන් එකකට වැඩි කොටසක් උපයා ඇත්තේ නෙට්ෆ්ලික්ස් මගින් බව ෆෝර්බ්ස් සඟරාව සඳහන් කරයි.
මෙහි දෙවැනි හා තෙවැනි ස්ථානයේ පිළිවලින් රැඳී සිටින්නේ රයන් රෙනොල්ඩ්ස් හා මාක් වාල්බර්ග් ය. බෙන් ඇෆ්ලෙක් හා වින් ඩීසල් සිවුවැනි හා පස්වැනි ස්ථානයේ සිටියි.
මෙම ලැයිස්තුවේ මුල් දසදෙනා අතරට එක්ව සිටි එකම බොලිවුඩ් නළුවා වන්නේ අක්ෂේ කුමාර් ය. සයවැනි ස්ථානයේ සිටින ඔහු, ඉහත කාලවකවානුව තුළ උපයාගෙන ඇති ධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 48.5කි.
වැඩිම වැටුප් ලබන නිළියන්ගේ ලැයිස්තුව තවමත් නිකුත් වී නැත.