Aug 14, 2020

හොලිවුඩ් වීනස් සිනමා උළෙලේ හොඳම නළුවා සම්මානය ශ්‍යාම්ට

පළමුවැනි හොලිවුඩ් වීනස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේදී රටවල් 100කට අධික සංඛ්‍යාවක කෙටි චිත්‍රපට 1000කට ආසන්න ප්‍රමාණයක් අතුරින් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු සමත්විය.

ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘One Blood’ කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන භූමිකාව සඳහාය.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසර විද්‍යාර්ථියෙකුව සිටිය දී චතුර ප්‍රනාන්දු පිටපත් රචනය කොට අධ්‍යක්ෂණය කළ මෙම කෙටි චිත්‍රපටය පිය පුතු සබඳතාවය පිළිබඳ තමා කළ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක කලාත්මක එළිදැක්වීමක් බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top