Aug 19, 2020

හැරී පොටර් ටුවර් එකක් ජපානයේ!

සංචාරක ආකර්ෂණය කරගැනීමට හැරී පොටර් තේමාවෙන් යුත් නව චාරිකාවක් 2023 වන විට ජපානයේ ඉදිකිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

“Warner Bros. Studio Tour Tokyo - The Making of Harry Potter” ලෙස නම් කර ඇති මෙම සංචාරයේ පළමුවැන්න ඉදිවූයේ බ්‍රිතාන්‍යයේය. 2012 ඇරඹුනු බ්‍රිතාන්‍යයේ සංචාරය ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

මෙය ඉදිවීමට නියමිත වන්නේ මේ වන විටත් තෝක්යෝ මෙට්‍රොපොලිටන් රජය යටතේ සංවර්ධනය වෙමින් පවතින පොදු උද්‍යානයකය.

2023 වන විට Covid-19 වසංගතයේ බලපෑම අවසන් වී තිබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top