Aug 23, 2020

ට්‍රම්ප් තහනමට එරෙහිව TikTok උසාවි යන්න හදයි

චීන මවු සමාගම ඇමෙරිකානු ගැනුම්කරුවෙකු සොයා නොගන්නේ නම්, ටික්ටොක් වීඩියෝ ඇප් එක එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක වීම තහනම් කිරීමේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයට එරෙහිව උසාවි යෑමට එම සමාගම සූදානම් වෙයි.

"නීතියේ ආධිපත්‍යය පවතින බවටත්, අපගේ සමාගමට සහ පරිශීලකයින්ට සාධාරණ ලෙස සලකනු ලබන බවටත් සහතික කිරීම සඳහා අධිකරණ පද්ධතිය හරහා විධායක නියෝගයට අභියෝග කිරීම හැර අපට වෙනත් විකල්පයක් නැහැ." එලැඹෙන සතියේදී මේ සඳහා කඩිනමින් කටයුතු කරන බව එම සමාගම පවසයි.

මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය වහාම ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකළ අතර, අධිකරණ දෙපාර්තමේන්තුව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි.

(අද)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top