Aug 25, 2020

එම්රාන් හෂ්මි, කොමඩියකට අතගසයි

සාමාන්‍යයෙන් ත්‍රාස්‍යජනක චිත්‍රපට වල දක්නට ලැබෙන, බොලිවුඩ් තිරයේ 'සීරියල් කිසර්' ලෙස ජනප්‍රිය එම්රාන් හෂ්මි, පළමුවරට හාස්‍යජනක චිත්‍රපටයක රඟපෑමට නියමිත බව වාර්තා වේ.

'සබ් ෆර්ස්ට් ක්ලාස් හේ' (Sab First Class Hai) ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය, සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ සිහින හා අභිලාෂයන් පිළිබඳ කතාපුවතකි.

මෙම චිත්‍රපටය, බල්වින්දර් සිං ජන්ජුවා ගේ අධ්‍යක්ෂණයකි.

හාස්‍යයෙන් පිරුණු මෙම චිත්‍රපටයේ සිය චරිතය තමා මීට පෙර රඟපෑ චරිත වලට හාත්පසින්ම වෙනස් බව පවසන එම්රාන්, එහි පළමු කියවීම ඇසුනු සැනින් ඊට එක්වීමට තීරණය කළ බව පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top