Aug 27, 2020

අනුෂ්කා - කෝලි කැදැල්ලට තුන්වැන්නෙක්!

ජනප්‍රිය බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා හා ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි විසින් සුබ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය රසික රසිකාවියන් වෙත දන්වා තිබේ.

ඔවුන් දෙදෙනා සිය පළමු දරුවා අපේක්ෂා කරන බව සමාජ මාධ්‍ය නිවේදනය කර තිබුණේ “අප තිදෙනෙකු වූ කළ” යනුවෙන් සටහනක් ද තබමිනි.

මොවුන්ගේ කුළුඳුල් දරුවා 2021 ජනවාරි මාසයේදී බලාපොරොත්තු වන බවද එහි දැක්වේ.

රසික රසිකාවියන් අතර විරුෂ්කා ලෙස ආදරයෙන් හැඳින්වෙන අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි වසර කිහිපයක් පෙම්වතුන්ව සිටීමෙන් අනතුරුව 2017 දී ඉතාලියේදී විවාහ විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top