වයස අවුරුදු 43ක් වූ ඔහු ලොස් ඇන්ජලීස් හි පිහිටි ඔහුගේ නිවසේදී මිය ගොස් තිබේ.
බොස්මන් ඔහුගේ රෝග විනිශ්චය පිළිබඳව මීට පෙර හෙළි කර නැත.
"සැබෑ සටන්කරුවෙක් වූ චැඩ්වික්,බාදා මැද නොපසුබට උත්සාහයකින් යුතුව ඔබ මෙතරම් ආදරය කළ චිත්රපට බොහොමයක් ඔබ වෙත ගෙන ආවා," යැයි ඔහුගේ පවුලේ අය විසින් නිකුත් කළ ප්රකාශයේ සඳහන් කර ඇත.
මාශාල් සහ ඩා ෆයිව් බ්ලඩ්ස් වැනි චිත්රපට කිහිපයක් සඳහාම ඔහු දායක වී ඇත්තේ කීමෝ ප්රතිකාර සහ විවිධ සැත්කම් අතර මැද බවද ඔහුගේ පවුලේ සාමාජිකයන් හෙළි කර තිබේ.
කෙසේ වෙතත්, ඔහු සිනමාලෝලීන් අතර අමතක නොවන චරිතයක් බවට පත්වන්නේ 2018 වසරේ තිරගත වූ බ්ලැක් පැන්තර් බ්ලොක්බස්ටර් චිත්රපටයේ ඔහුගේ රංගනයෙනි.
මෙම චිත්රපටය ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්රපටය සඳහා නාමයෝජනා ලබාගත් පළමු සුපිරි වීර චිත්රපටයද විය.
මූලාශ්රය - බීබීසී