Aug 31, 2020

ගායන ශිල්පී මොරිස් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි

සම්මානනීය ගායන ශිල්පී මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ අභාවප්‍රාප්තවී තිබේ.

වසර 1941 ඔක්තෝබර් 16 වැනි දා ගල්කිස්සේ උපත ලැබූ ඔහු ඇති අතර මිය යන විට 79 හැවිරිදි වියේ පසුවිය.

දූවිල්ලෙන් වත්සුනු තවරා, නිල් අහස් තලේ අගේ, ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න වැනි ගීත ඔස්සේ ජනාදරයට වූ විජේසිංහ මහතා 80 දශකයේදී චිත්‍රපට සම්මානලාභී පසුබිම් ගායකයෙකු ලෙස අතිජනප්‍රිය විය.

අවසන් කටයුතු අද (31) දින ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top