Sep 02, 2020

එඩ් ශීරන් ට දුවෙක්

ජනප්‍රිය ගායක එඩ් ශීරන් පිය පදවිය ලබා ඇතැයි වාර්තා වේ.

පසුගිය දෙසැම්බර් මාසයෙන් අනතුරුව ඉන්ස්ටර්ග්‍රෑම් වෙත සටහනක් එක්කරමින් ඔහු මේ බව සිය රසිකරසිකාවියන් හට දන්වා තිබේ.

තම බිරිඳ වන චෙරී සීබෝන් පසුගිය සතියේදී ඔවුන්ගේ කුළුඳුල් දරුවා බිහිකළ බවත් ඇයට ලයිරා ඇන්ටාක්ටිකා සීබෝන් ශීරන් ලෙස නම් තබා ඇති බවත් එහි දැක්වේ.

තමා හා චෙරී සතුටින් ඉපිල සිටින බවත්, මෙම කාලයේදී ඔවුන් ගේ පෞද්ගලිකත්වයට ගරු කරන මෙන් ඉල්ලා සිටින බවත් එඩ් ගේ සටහනේ වැඩිදුරටත් දැක්වේ.

EdSheran1 670px 20 09 02

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top