සෞඛ්යාරක්ෂිතව සිටියද, සිය පවුලේ සමීපතම පවුලේ මිතුරන්ගෙන් මෙලෙස තමා මෙන්ම තම බිරිඳ වන ලෝරන් හා කුඩා දියණියන් වන ජැස්මින් හා ටියානා යන දෙදෙනාටම මීට සති 2 1/2කට කලින් කොරෝනාවෛරසය වැළඳුනු බව ඔහු සඳහන් කරයි.
"මෙය පවුලක් ලෙස අපට විඳදරාගැනීමට සිදු වූ ඉතාම අභියෝගාත්මක හා දුෂ්කර දෙය බව මට ඔබට පැවසිය හැකියි," යැයි ඉන්ස්ටර්ග්රෑම් වීඩියෝවක් මගින් ජොන්සන් පැවසීය.
කෙසේවෙතත්, මේවන විට පවුලේ සියලු දෙනා සුවය ලබා සිටින බවද ඔහු සඳහන් කළේය.
ස්කෝපියන් කිං, ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 6 හා ජුමාන්ජි වැනි චිත්රපට ඔස්සේ අධික ජනප්රියත්වයට පත් වූ ඩ්වේන් ජොන්සන්, ලොව ඉහළම ආදායම් ලද නළුවා ලෙස ද ෆෝර්බ්ස් සඟරාව විසින් මේ වසරේදී නම් කර තිබුණි.
සබැඳි පුවත් :
'ද රොක්' යළිත් වැඩියෙන්ම උපයන නළුවා වෙයි