මේ බව චිත්රපටය නිෂ්පාදනය කරන වෝර්නර් බ්රදර්ස් සමාගම විසින්ද සනාථ කර ඇත.
ඒ, බැට්මෑන් චිත්රපටයේ ප්රධාන චරිතය රඟපාන රොබර්ට් පැටින්සන් හට Covid-19 වැළඳීම හේතුවෙන් බව විදෙස් වාර්තා සඳහන් කරයි.
වෝර්නර් බ්රදර්ස් සමාගම පවසා තිබුණේ නිෂ්පාදන කණ්ඩායමේ අයෙකු ස්වයං-නිරෝධායනයට ලක්කර ඇති බවයි. මෙම පුද්ගලයා කවුද යන්න පිළිබඳව ඔවුන් පවසා නැත.
මෙම චිත්රපටයේ රූගතකිරීම් මේ වසරේදී ග්ලාස්ගෝ හිදී ආරම්භ වූ නමුත්, කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් එම කටයුතු අතරමග නවතා දැමීමට සිදුවිය.
'වැනිටි ෆෙයාර්' වෙබ් අඩවියේ දැක්වෙන්නේ ලන්ඩන් නුවර ආසන්නයේදී සිදුකළ රූගතකිරීම් වලදී පැටින්සන් හට Covid-19 වැළඳී ඇති බවයි.
බැට්මෑන් චිත්රපටය එළිදැක්වීමට නියමිතව තිබුණේ 2021 ජුනි මාසයේදී වුවත්, මේ වන විට එය 2021 ඔක්තෝබර් දක්වා ප්රමාද වී ඇත.
කෙසේවෙතත්, පැටින්සන් තවමත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැත.
(බීබීසී පුවත්)