Sep 09, 2020

සුෂ් ගේ පෙම්වතිය වූ රියා අත්අඩංගුවට Featured

පසුගිය මාසයේදී සියදිවි නසාගත් බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය හා බැඳුනු මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය වූ රියා චක්‍රබෝර්ති, ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලන අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සියදිවි නසාගැනීමට රියා සුෂාන්ත් හට අනුබල දුන්නේ යැයි පවසමින් සුෂාන්ත් ගේ පවුලේ සාමාජිකයන් විසින් රියා ට එරෙහිව පොලිසියේ පැමිණිලි කර තිබුණි.

මීට පෙර නිවෙදන නිකුත් කරමින් තමාගේ නිර්දෝෂී බව ප්‍රකාශ කර සිටි රියා, අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කිසිඳු ප්‍රකාශයක් නිකුත් කර නැත.

රියා ගේ සොහොයුරා වන ශවුක් මෙන්ම රාජ්පුත් ගේ හිටපු කළමනාකරු සැමුවෙන් මිරන්ඩාද පසුගිය සතියේදී මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු නමුත් ඔවුන්ට එරෙහිව ඇති චෝදනා හෙළිදරව් කර නොමැත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top