ඔහු ඉදිරියේදී පෙනී සිටීමට නියමිත චිත්රපට අතරින් ප්රේක්ෂකයන් වැඩි අපේක්ෂාවන් තබා ඇත්තේ මීළඟ ජේම්ස් බොන්ඩ් චිත්රපටය වන 'නො ටයිම් ටු ඩයි' චිත්රපටයයි.
මෙහිදී රමී පණපොවන්නේ මෙම චිත්රපටයේ දුෂ්ඨයා හෙවත් සැෆින් ගේ චරිතයටයි.
සැෆින් ගේ චරිතය පිළිබඳ චිත්රපට ලෝලීන් හට වඩා පුළුල් අදහසක් ලබා දෙන නවතම පූර්ව ප්රචාරක පටය ඊයේ (14) අන්තර්ජාලයට එක්වුනු අතර, එම පූර්ව ප්රචාරක පටය පහත දැක්වේ.
ජේම්ස් බොන්ඩ් ලෙස ඩැනියල් ක්රේග් පෙනී සිටින 'නො ටයිම් ටු ඩයි' චිත්රපටය මේ වසරේ නොවැම්බරයේදී එළිදැක්වීමට නියමිතය.