මෙම ප්‍රදර්ශනය එම දෙදින තුළදී පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වේ.
වතු හතරක් ආශ්රයෙන් තෝරා ගත් තරුණ තරුණියන් 40 දෙනකුට ඡායාරූපකරණය, කලාව හා සමාජ සවිඥානිකත්ව පිළිබදව ලබා දුන් පුහුණුවකින් පසුව ඔවුන්ගේ කතාව ඔවුන් විසින්ම කැමරා කාචයට හසුකරගත් අවස්ථා හතලිස් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් අතුරින් තෝරාගත් ඡායාරූප 100 ක් මෙලෙස ප්‍රදර්ශනය කෙරේ.
නුවරඑළියේ ලොගි සහ හොලිරූඩ් වතු වලිනුත් බදුල්ලේ ඌව හයිලන්ඩ් සහ ඇතැම්පිටිය වතුයාය වලිනුත් මෙම තරුණ තරුණියන් 40 දෙනා තෝරාගන තිබේ.
ඡායාරූපකරණයට ආධුනික මෙම තරුණ තරුණියන් හට එම විෂය සම්බන්ධයෙන් න්‍යාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීමට ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකු වන අජිත් සෙනෙවිරත්න සහ නදිෂ්ක රණසිංහ මෙම වැඩසටහන හා එක්විය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, giz ආයතනය හා ඌව ශක්ති පදනම ඇතුළු පාර්ශව කිහිපයක් එක්ව පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනය, කඳුකර ප්‍රජාවගේ ජන ජිවිත ගැන සමාජ කතිකාවක් ඇති කිරීම මෙම ප්‍රදර්ශනයේ අපේක්ෂාව බව පවසන සංවිධාකයෝ පවසති.
ප්‍රදර්ශන පැවැත්වෙන දෙදින තුළ සවස 4.00ට මෙම ඡායාරූප ඔස්සේ කඳුකර ප්‍රජාවගේ ජන ජිවිත ගැන යම් සංවාදයක් සිදුකිරීමට ද සංවිධායකයන් කටයුතු යොදා තිබේ.
කඳුකර ප්‍රජාවගේ කතාව නැරඹීමටත් ඒ ඔස්සේ සමාජ කතිකාවක් ගොඩ නැගීමටත් මෙම අවස්ථාවට එක්වන ලෙස සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ළහිරු කිතලගම (0715468431) ඉල්ලා සිටී.