Sep 25, 2020

ඒකාබද්ධ කලා සංවිධානයෙන් රේණුකා ඉවත් වෙයි!

ඒකාබද්ධ කලා සංවිධානයෙන් චිත්‍රපට අධයක්ෂවරියක් වන රේණුකා බාලසූරිය මහත්මිය ඉවත්ව ඇතැයි වාර්තා වේ.

ඇය හා නිළියක වන කුසුම් රේණු මහත්මිය අතර ඇතිවූ මත ගැටුමක් මේ ඉවත්වීමට හේතුව වී ඇතැයි කලා කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ සංගමය ආරම්භ කර ඇත්තේ වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයා විසිනි.

මේ සම්බන්ධයෙන් විමසීමට අප රේණුකා බාලසූරිය මහත්මියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදුන්න ද ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top