Sep 25, 2020

ගී හඬින් ලොවක් නැළවූ SPB යන්නම යයි

අතිජනප්‍රිය ඉන්දීය ගායක එස්. පී. බාලසුබ්‍රමානියම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 74 වියේ පසුවිය.

Covid-19 වැළඳීමෙන් අගෝස්තු 05දා රෝහල්ගතවූ ඔහු ගේ තත්ත්වය ඊයේ දිනයේදී බරපතල වූ අතර, ඔහුගේ මරණයෙන් කම්පා වූ ලොවපුරා ලක්ෂ සංඛ්‍යාත රසිකරසිකාවියන් සිය ශෝකය පළකර තිබේ.

වවසර 1966දී 'ශ්‍රී ශ්‍රී ශ්‍රී මරියාදා රාමන්නා' නම් තෙළුඟු චිත්‍රපටය ඔස්සේ සිය සිනමා සංගීත දිවිය ඇරඹි බාලසුබ්‍රමානියම් මහතා දශක 5ක් පුරාවට දෙමළ, තෙළුඟු, කන්නාඩ, හින්දි හා මලයාලම් ඇතුළු භාෂා 16කින් ගීත 40,000කට වැඩිය ප්‍රමාණයක් ගැයූ අපූරු ගායන ශිල්පියෙකි.

ඊට අමතරව ඔහු දෙමළ චිත්‍රපට කිහිපයකද රඟපෑවේය.

ඉන්දීය සිනමාවේ දියණුව සඳහා ඔහු සිදුකළ දායකත්වය වෙනුවෙන් බාලසුබ්‍රමානියම් මහතා හට ඉන්දීය සිවිල් වැසියෙකුට හිමිවන සිවුවැනි හා තෙවැනි උසස්ම සම්මාන වන වන පද්ම ශ්‍රී සම්මානය (2001) හා පද්ම භූෂන් සම්මානය (2011) ද හිමිවිය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top