Oct 08, 2020

මුරලි ගේ චරිතාපදානයට විජේ පණපොවයි Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අසහාය දඟපන්දු යවන්නා ලෙස ඉතිහාසගත වූ මුත්තයියා මුරලිදරන් ගේ ජීවිත කතාව සිනමාවට නැගීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මෙම චිත්‍රපටයේ මුරලි ගේ චරිතයට පණපොවන්නේ දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු විජේ සේතුපති විසිනි.

මුරලිදරන් විසින් ටෙස්ට් පිටියේදී කඩුලු 800ක් ලබාගැනීම වෙනුවෙන් උපහාරයක් ලෙස මෙම චරිතාපදාන චිත්‍රපටය '800' ලෙස නම් කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම චිත්‍රපටයේ කටයුතු ලබන පෙබරවාරියේදී හෝ මාර්තු මාසයේදී ආරම්භ වීමට නියමිත බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top