Oct 10, 2020

පාකිස්තානයත් ටික්ටොක් තහනම් කරයි

දුරාචාර හා අශෝභන අන්තර්ගතයන් නිවැරදි අයුරින් ඉවත් කිරිමට අපොහොසත් වීම හේතුවෙන් පාකිස්තානය තුල ටික්ටොක් භාවිතය පසුගිය සිකුරාදා (09) සිට අවහිර කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

පාකිස්තාන විදුලි සංදේශ අධිකාරිය මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ “ එහි වූ දුරාචාර සහ අශෝභන අන්තර්ගතයට එරෙහිව සමාජයේ විවිධ කොටස්වල පැමිණිලි” සැලකිල්ලට ගෙන මෙම තහනම පැනවූ බවයි.

නීති විරෝධී අන්තර්ගතයන් නියාමනය කිරීම සඳහා ටික්ටොක් විසින් සෑහීමකට පත්විය හැකි යාන්ත්‍රණයක ඉදිරිපත් කරන්නේ නම් මෙම තහනම සමාලෝචනය කරන බව පාකිස්තාන විදුලි සංදේශ අධිකාරිය තවදුරටත් පවසයි.

මෙම තහනමට ප්‍රතිචාර දක්වමින් ටික්ටොක් ආයතනය පවසා ඇත්තේ විදුලි සංදේශ අධිකාරිය හා එක්ව මෙම ගැටලුවට පිළිතුරු සෙවිම්මටත් එරට නීති රීති වලට අනුගතව ක්‍රියාකිරීමටත් ඔවුන් කැපවී සිටින බවයි.

2020 ජුනි 29 වන දින ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් ටික්ටොක් එරට තුල සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී.

මූලාශ්‍රය - සවුත් චයිනා මෝනිං පෝස්ට්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top