Oct 14, 2020

ෂූටිං වලටත් කලින් ක්ලියෝපැට්රා සිත්තමට ලෙඩක් වැටෙයි!

ඉතිහාසයේ ජනප්‍රිය ඊජිප්තු රැජින වන ක්ලියෝපැට්රා ඇසුරෙන් නිර්මාණය වීමට නියමිත චිත්‍රපටයක් රූගත කිරීම් ආරම්භ කිරීමටත් පෙර මතභේදයට තුඩු දී තිබේ.

ඒ, ක්ලියෝපැට්රා ගේ චරිතයට ඊශ්‍රායල නිළි ගැල් ගැඩොට් පණපෙවීමට නියමිත බව සැලවීමත් සමගිනි.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල වල දැඩි කතාබහක් ඇතිව තිබෙන අතර, බොහෝ අය මත පළ කර තිබුණේ මෙම චරිතය සඳහා අරාබි හෝ අප්‍රිකානු සම්භවයක් ඇති නිළියක් තෝරාගත යුතු බවයි.

cultural whitewashing හෙවත් කළු හම සහිත චරිත වෙනුවෙන් සුදු හමක් ඇති නිළියන් ගැනීම පිළිබඳව දැඩි විවේචන මෙහිදී එල්ල වී ඇති බව වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top