Oct 16, 2020

අනුලා බුලත්සිංහල දිවි රඟමඬලින් සමුගනී Featured

ප්‍රවීණ රංගවේදිණී අනුලා බුලත්සිංහල මහත්මිය අද (16)  අභාවප්‍රාප්ත වූවාය.

මිය යන විට ඇය 73 හැවිරිදි වියේ පසුවූවාය.  අසනීප තත්වයක් හේතුවෙන් දින කිහිපයක් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය  අභාවප්‍රාප්ත වී ඇත.

රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, කු‍වේණි, මහාසාර,  ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවලදී ද, නිල් දිය යහන, ගෝල් වැනි සිනමාපටවලදී ද ඇගේ රංගන කුසලතාව කැපී පෙනිණි.

මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන නාට්‍යකීර්ති සම්මානය ද ඇයට හිමිවිය.

බොරැල්ල ජයරත්න මල් ශාලාවේ, ප්‍රභූන් සඳහා වෙන්කෙරුණු ශාලාවේදී හෙට (17) උදෑසන සිට දේහය තැන්පත් කරනු ලැබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට කොළඹ කනත්තේදී සිදුකිරීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top