Oct 19, 2020

‘විකාරි’ ට ඇමෙරිකාවේ දී ජය!

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති 2020 ස්ක්‍රීම්ෆෙස්ට් ත්‍රාසජනක චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වීමට සඳුන් සෙනෙවිරත්න මහතා විසින් නිෂ්පාදය කළ ‘විකාරි’ කෙටි චිත්‍රපටය සමත් වී තිබේ.

චිත්‍රපට උළෙලේ තිරගත වූ පළමු ශ්‍රී ලාංකික චිත්‍රපටය වූයේ ද ‘විකාරි’ චිත්‍රපටයයි.

අශාන් ඩයස්, බිම්සරා ප්‍රේමරත්න සහ බ්‍රිතාන්‍ය රංගන ශිල්පී රිචඩ් ඩී රොබට්ස් එම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදී තිබේ.

විද්‍යා ප්‍රබන්ධ කෙටි චිත්‍රපටයක් ලෙස නිපදවුණු ‘විකාරි’ චිත්‍රපටය තුළින් කියැවෙන්නේ ලොව පුරා එකම ආකාරයෙන් විකෘති සහිතව ඉපදුනු දරුවන් සහ ඒ හේතුවෙන් ඇති වන බිය පිළිබඳවයි.

චිත්‍රපටය නුදුරේදීම අන්තර්ජාලයට මුදාහැරීමට නියමිතය.

සබැඳි පුවත් :

‘විකාරි’, ස්ක්‍රීම්ෆෙස්ට් සිනමා උළෙලට නිර්දේශ වෙයි!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top