නිව් ඉන්ඩියන් එක්ස්ප්රස් පුවත්පත වාර්තා කරන අන්දමට ඔහු මෙම චිත්රපටයෙන් ඉවත් වී ඇත්තේ මුත්තයියා මුරලිදරන් විසින් සිදුකළ ඉල්ලීමක් අනුවයි.
ලිපියක් යොමුකරමින් මුරලිදරන් පවසා ඇත්තේ සිය ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන 800 චිත්රපටය හේතුවෙන් තමිල්නාඩුවේ සිටින විශිෂ්ටතම නළුවෙකු වන විජේ හට කරදර පැමිණවෙනු දැකීමට තමා අකමැති බවත්, එබැවින් මෙම චිත්රපටයෙන් ඉවත් වන බවත්ය.
මෙම ලිපිය විජේ විසින් සිය ට්විටර් ගිණුමේද පළකර තිබුණේ 'නන්ඩ්රි.. වනක්කම්' (ස්තූතියි.. ආයුබෝවන්) යන කෙටි සටහන එක්කරමිනි.
සබැඳි පුවත් :
මුරලි ගේ චරිතාපදානයට විජේ පණපොවයි