Oct 21, 2020

සංජේ දත් දැන් සුවෙන් ලු

පසුගිය කාලය පුරාවට පිළිකාවකින් පීඩා විඳි බොලිවුඩ් නළු සංජේ දත් තමා සුවවෙමින් සිටින බව පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ සිය නිවුන් දරුවන් ගේ දස වැනි උපන්දිනය සමරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

දෙවියන් වහන්සේ විසින් දරුණුතම සටන් ලබාදෙන්නේ ශක්තිමත්ම සොල්දාදුවන්ට යැයි පැවසෙන බවත්, සිය දරුවන්ගේ උපන්දිනයේදී මෙම සටනින් ජයගෙන ඔවුන්ට ලබාදිය හැකි හොඳම උපන්දින තෑග්ග වන යහපත් සෞඛ්‍යය හා පවුලේ සුඛවිවරණය ලබාදිය හැකිවීමට පිළිබඳ සතුටු වන බවත් ඔහු කියා සිටියි.

සංජේ විසින් පළ කළ ට්විටර් පණිවිඩය මෙසේය.

SanjayD 670px 20 10 21

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top