ඇය මේ බව පවසා සිටියේ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.
මේ වන විට තමාට ප්‍රේම සම්බන්ධයක් ඇතැයි පවසා ඇති කංගනා, වැඩිදුරටත් පවසා ඇත්තේ “මේ අවුරුද්දේ මට විවාහ වෙන්න ඕනෙ. ගොඩක් වෙලාවට ඒක සිද්ධ වෙයි” කියාය.
මේ අතර, ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා පුවත් සේවයට අදහස් දක්වමින් ඇය පවසා තිබුණේ මීට කලින් මිනිසුන් විවාහ වන්නේ ඇයිදැයි තමාට නොතේරුණ නමුත් මේ වන විට ඇය විවාහය සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් කෝණයකින් බලා විවෘත ව සිතන බවයි.