මේ බව අනාවරණය කර ඇත්තේ සරසවිය අලුත්ම කලාපයෙනි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ "ඔහු මේ කියන කතාව කෙනෙකුට අපබ්රංසයක් වෙන්නටත් පුළුවන්. ඔහුගේ පරපුරේ ඔහු නියෝජනය කරන නිවේදකයෙක් සහ රංගන ශිල්පියෙක් විවාහ දිවියට ඇතුළත් වෙලා. ඒ පිළිබඳයි මේ සුමිරන් මෙසේ කිව්වේ. කවුද මේ විවාහ ජීවිතයට ඇතුළත් වුණු අලුත් ම යොවුන් කලාකරුවා. ඔහු ඔබ බොහොම හොඳීන් අඳුනනවා දෙරණ නරඹන ඔබට මාධව විජේසිංහ කියන චරිතය අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නැහැනේ. මේ මාධව විවාහ ජීවිතයට ඇතුළත් වුණා ඉකුත් සඳුදා. ඔහුගේ අතගත් මනාලිය වන්නේ නඳුනි රණසිංහ. ඇය රණසිංහ පවුලේ (ඩග්ලස්-තිලකා) ඥාති දියණියක්. දැන් ඉතිං මාධවත් අපේ රැහේ. එහෙම කියන්නේ කසාද බැඳපු මාධවගේ යාලුවෝ පිරිවර. කොහොම වුණත් මාධව සහ නදුනි ආරම්භ කළ මේ නව ජීවිතයට සරසවිය සුබ පැතුම් එක්කරනවා." යනුවෙනි.