මිය යන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවිය.
කාලයක් පුරාවට අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහු, බහාමාස් දූපත් වල සිටියදී සිය නින්දෙන්ම මියැදී ඇති බව ඔහුගේ පුත්‍රයා විදෙස් මාධ්‍ය වලට පවසා තිබේ.
ස්කොට්ලන්ත ජාතිකයෙකු වූ ශ්‍රීමත් ෂෝන් කොනරි, දශක පහක් පුරා වූ සිය රංගන දිවිය තුළ වඩාත් ජනප්‍රිය වූයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාව ඔස්සේ වුවද, 1988දී ‘අන්ටචබල්ස්‘ චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මානයකින් ද පිදුම් ලැබුවේය.
ද හන්ට් ෆෝ රෙඩ් ඔක්ටෝබර්, හයිලැන්ඩර්, ඉන්ඩියානා ජෝන්ස්, ලාස්ට් කෲසේඩ්, ද රොක් යන චිත්‍රපට සඳහා ද ඔහු රංගන දායකත්වය ලබාදුන්නේය.