මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ 1994දී එළිදක්වූ සම්මානනීය ශ්‍රී ලාංකික ලේඛක ශ්‍යාම් සෙල්වදුරෙයිගේ 'ෆනී බෝයි' නවකතාව ඇසුරෙනි. එම නවකතාව පසුව සුගතපාල ද සිල්වා විසින් 'අමුතු ඉලන්දාරියා' ලෙසද පරිවර්තනය විය.
මේ අතර, වසර 2021 ඔස්කාර් සම්මාන උළෙලට අන්තර්ජාතික චිත්‍රපට චිත්‍රපට කාණ්ඩය සඳහා කැනේඩියානු නියෝජනය ලෙස “ෆනී බෝයි” ඇතුළත් කෙරුණු බව පෙරේදා (29) නිවේදනය කෙරුණි.
කොළඹ ධනවත් දෙමළ පවුලක පිරිමි ළමයෙකු වන 'ආර්ජි' නව යොවුන් වියට පැමිණීමේදී සිය ලිංගික අනන්‍යතාවය ගවේෂණය කිරීම හා 1983 කළු ජූලිය හා සම්බන්ධව 'ෆනී බෝයි' කතාපුවත ගොඩනැගෙයි. ශ්‍රී ලංකාවේ ඉපිද හැදී වැඩෙන ශ්‍යාම් සෙල්වදුරෙයි ද 1983 ඇති වූ ජාතිවාදී කෝලාහල හේතුවෙන් සිය පවුල සමඟ කැනඩාවට සංක්‍රමණය වූයෙකි.
සෙල්වදුරෙයි සමග එක්ව තිර රචනය සිදුකළ මෙහෙතා, මෙම චිත්‍රපටයේ රූගතකිරීම් ලංකාවේදී සිදුකළාය. ඇගේ පෙර නිර්මාණ වන ෆයර් (Fire), අර්ත් (Earth), වෝටර් (Water) සිනමාපට ත්‍රිත්වයේ වෝටර් (Water) චිත්‍රපටියද, ඉන් පසු මිඩ් නයිට්ස් චිල්ඩ්රන් (Midnight's Children) රූගත කෙරුනේද ලංකාවේදීය.
මෙම චිත්‍රපටය දෙසැම්බර් 10දා නෙට්ෆ්ලික්ස් ඔස්සේ එළිදකිනු ඇත.
සබැඳි පුවත්
'ෆනී බෝයි' දෙසැම්බරයේදී නෙට්ෆ්ලික්ස් වෙතින්