මේ බාධා එල්ලවන්නේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය උපමානයන්ට යටත්ව ටෙලි නාට්‍ය රූගත කිරීම් සඳහා අවසර ලබා දී තිබියදීය.
අදාළ අවසරය ලබාදි ඇත්තේ, ඉකුත් මැයි 05 වැනිදා ජනමාධ්‍ය අමාත්‍ය ලේකම්වරයා විසින් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වෙත කරන ලද ඉල්ලීමකට අනුව බවද එහි දැක්වේ.
එම සංගමයේ සභාපති නෙත් එෆ්.එම්. හි ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය හා එම සංගමයේ ලේකම් දෙරණ නියෝජ්‍ය සභාපති ලක්සිරි වික්‍රමගේ යන මහත්වරුන්ගේ අත්සනින් යොමුකරන ලද ලිපියක් මගින් මේ ලිඛිත පැමිණිල්ල කර තිබේ.
බඩට ගහන්න එපා..
එහි පිටපත් ජනමාධ්‍ය අමාත්‍යංශය, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්, මුදල් අමාත්‍යංශයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ගේ සංගමයේ සභාපති වෙත යොමුකර ඇත.
රටේ ජනතාවට සංවරණය සීමා කොට නිවෙස්වලම කාලය ගත කිරීමට උපදෙස් ලබාදී ඇති මොහොතක ජනතාවට ඇති ප්‍රධානම විනෝදාස්වාද මාධ්‍ය රූපවාහිනිය බවද එහි දැක්වේ.
මෙම තත්ත්වය වර්ධනය වීමට පෙර මේ සඳහා මැදිහත්වන ලෙස ද ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය ඉල්ලා තිබේ.
රූගත කිරීම් නතර කළහොත් එමගින් සෘජුව යැපෙන 4,500ක පමණ පිරිසකට රැකියා අහිමි වන එම සංගමය පෙන්වාදෙයි.
සංගීතේ ෂූටිං..
මේ අතර, දෙරණ නාලිකාවේ සංගීතේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ද සෞඛ්‍ය අංශයේ මැදිහත් වීමකින් නවතා දමා ඇතැයි වාර්තා වේ.
එසේම ජාතික රූපවාහිනියේ නෑනලා ටෙලියේද රූගත කිරීම් අත්හිටුවීමට සිදුව ඇති බව පැවසේ.
මීට පෙර කැන් යූ හියර් මී ටෙලි නාට්‍ය බණ්ඩාරවෙල ප්‍රදේශයේ රූගත කිරීම් සිදු කරමින් තිබියදී සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ගොස් එහි සිටි ජනප්‍රිය නිළි ශලනි තාරකා ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත රූගත කිරීමේ කණ්ඩායම දින 14ක නිරෝධායනයට යොමු කළේය.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය ජනමාධ්‍ය අමාත්‍යවරයාට යොමුකළ ලිපිය පහත දැක්වේ.
සබැඳි පුවත්
ශලනි තාරකා ඇතුළු 25 දෙනාගේ PCR නෙගටිව් !
ශලනිගේ වීඩියෝව වෙබ් මාධ්‍ය විනාශයට කළ කුමන්ත්‍රණයක් (වීඩියෝ)