Nov 09, 2020

ගායන ශිල්පී W.D ආරියසිංහ සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්.ඩී ආරියසිංහ මහතා අද (9) අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 64 වැනි වියෙහි පසුවිය.

මා ළඟටම තව ළංවෙලා, සදළුතලෙන්, විකසිත පෙම්, මහ වැස්සට පෙර, රෑ හඳේ හා මාල පබළු වැල් ආදී ගීත ගණනාවක් ඔහු විසින් ගායනා කර තිබේ.  

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක හා සංගීත අධ්‍යක්ෂකවරියක වන දර්ශනී චන්ද්‍රසේන මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ ආරියසිංහ මහතා පුතුන් දෙදෙනකුගේ පියෙකි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top