Nov 14, 2020

තවත් තරුවක් දිවි තොරකර ගනියි

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවකු වන 53 හැවිරිදි අසිෆ් බස්රා සියදිවි හානි කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

බස්රාගේ සිරුර ධරම්සාලා හි මැක්ලියෝඩ්ගාන්ජ් නම් ප්‍රදේශයේ පිහිටි නිවසකින් හමුවී තිබෙන අතර ඔහු එම නිවස තුළ එල්ලී මියගොස් ඇති බව ධරම්සාලා පොලිසිය පවසයි.

අසීෆ්ගේ පෙම්වතිය සිද්ධිය පිළිබඳව පොලීසියට දැනුම් දී ඇති අතර මූලික පරීක්ෂණයෙන් ඔහු මානසික අවපීඩනයෙන් පෙළෙන බව හඳුනා ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

2010 දී බොලිවුඩයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය වන වන්ස් අපොන් අ ටයිම් ඉන් මුම්බායි මෙන්ම ජබ් වී මෙට් සහ කයි පො චේ ඇතුළු ජනප්‍රිය හින්දි චිත්‍රපට කිහිපයකම බාස්රා විසින් රංගනයෙන් දායක වූ අතර ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදිත නිර්මාණ කිහිපයකම ඔහු විසින් පෙනී සිට තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top