Nov 15, 2020

ෆ්‍රෙන්ඩ්ස් නැවත හමුව මාර්තුවේදී

ලොව රූපවාහිනි කතා මාලා අතර ඉතා ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් 'ෆ්‍රෙන්ඩ්ස්' කතා මාලාවේ  නැවත එක්වීමේ කථාංගය ලබන මාර්තු මාසයේ රූගත කිරීම් ආරම්භ කරනු ඇති බව එහි  සාමාජික නළු මැතිව් පෙරී පවසා තිබේ.

ඔහු  පසුගිය බ්‍රහස්පතින්දා ට්වීටර් පණිවිඩයක් හරහා මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙම විශේෂ කොටස මෙම වසරේ අගෝස්තු මාසයේදී පටිගත කිරීමට නියමිතව තිබුණද කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එය කළ් දැමීමට සිදුවිය.

එහි මුල් සාමාජිකයන් වන මැතිව් පෙරී, ජෙනිෆර් ඇනිස්ටන්, කෝර්ටනි කොක්ස්, ලීසා කුඩ්රෝ, මැට් ලෙබ්ලාන්ක් සහ ඩේවිඩ් ෂ්විමර් මේ සඳහා එක්වීමට නියමිත වේ.

නිව් යෝර්ක් නගරයේ වෙසෙන තරුණ මිතුරන් හය දෙනෙකුගේ ජීවිත වටා ගෙතුනු මෙම ප්‍රහසන කතා මාලාව, වසර 1994 සිට 2004 දක්වා විකාශය විය.

එහි අවසාන කොටස එක්සත් ජනපදයේ මිලියන 52.5 ක ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇති අතර එය 2000 දශකයේ වැඩිම පිරිසක් නරඹන ලද රූපවාහිනී කථාංගය බවට පත්විය.

මූලාශ්‍රය - බීබීසී

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top