Nov 16, 2020

ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි !

ප්‍රවීණ ගායක පෝල් ප්‍රනාන්දු මහතා කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට ඒ මහතා 68වන වියේ පසුවිය.

පෝල් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිත ය.

වේග රිද්ම ගායකයෙකු ලෙස ප්‍රකට පෝල් ප්‍රනාන්දු මහතා "සඳ පාන වගේ", "ගොලු හදවත විවර කරන්න", "ආවේ වන බඹරෙක් වාගේ" වැනි රසික හදවත් දිනාගත් ගීත රැසකටම ගායනයෙන් දායක විය.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් අදාළ පරික්ෂණ සිදු කිරීමෙන් අනතුරුව පෝල් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය තීරණය කරන බව ගායක ගායිකා සංගමයේ අනුශාසක කීර්ති පැස්කුවෙල් මහතා පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top