Nov 23, 2020

විකාශනය නොවන ටෙලියක් උඩවලවේ රූගත කිරීම්වල! Featured

දැනට විකාශය කරන ටෙලිනාට්‍යවල ඉතිරි කොටස් රූගත කිරීම සඳහා පමණක් අවසර ලබාදී තිබියදී ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු විසින් විකාශය නොවන ටෙලිනාට්‍යක රූගත කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අදාළ අධ්‍යක්ෂවරයා සිය රූගත කිරීම් සිදුකරනු ලබන්නේ උඩවලව ප්‍රදේශයේ බවද පැවසේ.

මේ සිද්ධිය හේතුවෙන් කේෂත්‍රයේ සෙසු කලාකරුවන් දැඩි කල කිරීමෙන් පසුවන බවද වාර්තා වේ.
ටෙලිනාට්‍ය රූගත කිරීම සදහා ලබාදී ඇති නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක අනුව හුදකලාකර තිබෙන ප්‍රදේශවල හෝ නිරෝධායනය කර ඇති නිවෙස්වල රූගත කිරීම තහනම් වේ.

රූගත කිරීමට සහභාගි වන අතර අත් සේදීම, නාමලේඛනයක් පවත්වාගෙන යාම, සහභාගිවත්තගේ උණ හා සෞඛ්‍යය තත්ත්වය ගැන සැලකිලිමත්වීම, රූගත කිරීම් ආරම්භ කිරීමට පෙර සියලු දෙනා තත්පර 30ක්වත් සබන් යොදා දෑත් සේදීම, හැකි සෑම විටම මුහුණු ආවරණ පැළදීම, රූගත කිරීම් නැරඹීමට පුද්ගලයන්ට ඉඩ නොදීම ඇතුළු කොන්දේසි ගණනාවක් දමා තිබේ.

මීට අමතරව ශබ්දාගාරවලට ඇතුළුවන පිරිස වරකට සියයට 25ක සීමාවක පවත්වාගෙන යාම, හැකි හැමවිටම අත්‍යවශ්‍ය පිරිසක් පමණක් කටයුතු සදහා සහභාගි කර ගැනීම කළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ කොන්දේසි මාලාවේ සඳහන් වේ.  

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ සහ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉල්ලීම පරිදි ඉහත උපදෙස් මාලාව සකස්කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top