Nov 24, 2020

නළු නිළි පවුලක පුතෙකුට කොවිඩ්: නිළියක් පොසිටිව් ටෙලියක ෂූටිං නවතියි Featured

කොවිඩ් 19 වෛරසය ආසාදනයවී හේතුවෙන් මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකු රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

මෙසේ රෝහල්ගත කර ඇති නළුවාගේ පවුලම නළු නිළියන් බවද පැවසේ.

මහනුවර ප්‍රදේශයේ රූගත කිරීමට සහභාගි වීමෙන් පසුව මෙම රංගන ශිල්පියාට ඇතිවූ උණ රෝගී තත්ත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

එහි දී සිදු කරන PCR පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරුවී ඇත.

මේ හේතුවෙන් ඔහු සමග රූගත කිරීමට සහභාගි වූ කණ්ඩායම සහ ඔහු නැවතී සිටි හෝටලයේ සේවකයන්ද නිරෝධනයට යොමු කර ඇතැයි වාර්තා වේ.

නර්තන වන්‍යාස ශිල්පියා චැනල් එකක නත්තල් වැඩක

මේ අතර, අදාළ ටෙලියේ නර්තන වින්‍යාස ශිල්පියා ලෙස කටයුතු කළ අය ලංකාවේ ප්‍රධාන නාලිකාවක නත්තල් වැඩසටහනකට සම්බන්ධ රූගත කිරීම් කටයුතුවලට එක්ව සිටීම නිසා ඊට අදාළ අයට ද PCR පරීක්ෂණ සිදු කිරීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

නිළියක් පොසිටිව් 

මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍යක ජනප්‍රිය නිළියකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පළමු PCR පරීක්ෂණයෙන් තහවුරුව ඇති බව පැවසේ.

ඒ අනුව ඇය තවත් PCR පරීක්ෂණයකට යොමුකර ඇති අතර එතෙක් එම ටෙලියේ කොළඹ පැවැති රූගත කිරීමේ කටයුතු ද නතර කර ඇතැයි වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top