Nov 25, 2020

ග්‍රැමී සම්මාන නිර්ද්ශ අතර බියොන්සේ ඉදිරියෙන් Featured

වසර 2021 ග්‍රැමී සම්මාන සඳහා නිර්දේශ ලැයිස්තු මේ වන විට එළිදක්වා තිබේ.

ඒ අතරින් සම්මාන 09ක් සඳහා නිර්දේශ වෙමින් ඉදිරියෙන්ම සිටින්නේ සුප්‍රකට පොප් ගායිකා බියොන්සේ ය.

මේ වසරේ පැවති Black Lives Matter විරෝධතා වලට සහය දනවමින් එළිදැක්වූ ඇගේ 'බ්ලැක් පැරේඩ්' ගීය සම්මාන 4ක් සඳහා නිර්දේශ වී තිබීම මෙහි විශේෂත්වයයි.

මීට අමතරව ජනප්‍රිය ගායිකාවන් දෙදෙනෙකු වන ටේලර් ස්විෆ්ට් හා ඩුවා ලිපා ද සම්මාන 6කට බැගින් නිර්දේශ වී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top