Nov 30, 2020

ඩාර්ත් වේඩර් ට පණපෙවූ ප්‍රව්ස් නික්ම යයි

හොලිවුඩ් රිදී තිරයේ දශක ගණනාවක් පුරාවට අතිජනප්‍රිය වූ 'ස්ටාර් වෝස්' චිත්‍රපට මාලාවේ ප්‍රධාන දුෂ්ඨ චරිතය වන ඩාර්ත් වේඩර් ගේ චරිතයට මුලින්ම පණපෙවූ නළුවා වන ඩේව් ප්‍රව්ස් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 85 වියේ පසුවිය.

බර උසුලන ක්‍රීඩකයෙකු වූ ප්‍රව්ස්, ඩාර්ත් වේඩර් ගේ චරිතයට පණපෙව්වේ හැත්තෑ හා අසූවැනි දශක වලදී තිරගත වූ මුල්ම 'ස්ටාර් වෝස්' චිත්‍රපට වලයි.

ඊට අමතරව, ආරක්ෂාකාරීව මාර්ගයේ ගමන් කිරීම පිළිබඳව බ්‍රිතාන්‍ය වැසියන් අතර දැනුම වර්ධනය කිරීම සඳහා 'ග්‍රීන් ක්‍රොස් කෝඩ් මෑන්' ලෙස මාධ්‍ය වල පෙනී සිටි ප්‍රව්ස් හට MBE සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top