Dec 02, 2020

චිත්‍රපටකරුවන්ට කැරකුණ සුළි කුණාටුව! Featured

චිත්‍රපට නිෂ්පාදකයින්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් හා චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගම් එක්ව අද (02) පස්වරු 3.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවැත්වීමට සූදානම්කර තිබූ මාධ්‍ය සාකච්ඡාව කල් දමා තිබේ.

කොවිඩ් වසංගත අභියෝගය හමුවේ සිනමා කර්මාන්තයේ පවතින දැඩි අර්බුදය, පීඩාවට පත් විවිධ පාර්ශවකරුවන්, මෙතෙක් නොවිසඳුණු ප්‍රශ්න අර්බුදයෙන් ගොඩඒමට ගතහැකි දීර්ඝ හා කෙටිකාලීන පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට තීන්දු කර තිබූ බව වාර්තා වේ.

එසේම, මෙහිදී පසුගිය අයවැයෙන් චිත්‍රපට කර්මාන්තයට සහන නොලැබීම, කොඩිඩ් අර්බුදයේදී චිත්‍රපට සංස්ථාවේ අසමත් බව වැනි කරුණු සම්බන්ධයෙන් ඊට අදාළ පාර්ශව කරුණු දැක්වීමට සූදානම්වීම හේතුවෙන් මෙය අත්හිටවා ඇති බවට ද මේ වන විට චෝදනා එල්ලවී තිබේ.

කෙසේවවුද, චිත්‍රපට සංස්ථාව දක්වා ඇත්තේ මේ මාධ්‍ය හමුව පැවැත්වීම අත්හිටුවා ඇත්තේ සෞඛ්‍යමය හේතූන් මත අත්හිටවූ බවයි. මාධ්‍ය සාකච්ඡාව අත්හිටුවීම හදිස්සියේම චිත්‍රපටකරුවන් වෙත ආ සුළි කුණාටුවක් යැයි චිත්‍රපට කේෂත්‍රයේ කතා බහට ලක්ව ඇතැයි ද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අදාළ සාකච්ඡාව පවත්වන බවට පලකර තිබූ පොස්ටුව හා එය අවලංගු කළ බවට චිත්‍රපට නිෂ්පාදකයින්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් හා චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගම් සාමාජිකයන් වෙත යොමු කළ නිවේදන පහත දැක්වේ.

Postponded1 670px 20 12 02

Postponded2 670px 20 12 02

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top