Dec 09, 2020

Lord of the Rings හි රඟන්න ලක් නිළියක් ගණියි  Featured

ඇමෙසන් ස්ටූඩියෝස් විසින් නිර්මාණය කරන Lord of the Rings ටෙලි සිත්තමට ශ්‍රී ලංකාවේ උපන් නිළි තුසිතා ජයසුන්දර ද එක්වනු ඇත.

ජේ. ආර්. ආර්. ටොල්කේන් ගේ 'ද ලෝඩ් ඔෆ් ද රිංග්ස්’ පාදක කොටගෙන නිර්මාණය වන මෙම ටෙලිනාට්‍ය මාලාව මේ වන විටත් නවසීලන්තයේ රූගතකිරීම් අරඹා තිබේ.

තුසිතා ජයසුන්දර එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික නිළියකි. 1971 දී ශ්‍රී ලංකාවේ උපත ලැබූ ඇය, 1993 දී Royal Academy of Dramatic Art වෙතින් සිය උපාධිය ලබා ගත්තාය.

ඇය,  The Foreigner (2017), Doctor Foster: A Woman Scorned (2015) සහ The Bill (1984) චිත්‍රපට වල පෙනී සිටියාය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top