ඒ එම සංස්ථාව තුළ පසුගිය කාලයේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු සෙවීම සඳහාය.
එහි විවිධ තනතුරු සඳහා ස්වකයන් පත් කිරීම, ඇතැම් මාසවලදී රුපියල් ලක්ෂ 9ක පමණ මුදලක් අතිකාල දීමනා සඳහා ගෙවීම, නොදන්නා කමිටු පත් කිරීම හා ප්‍රවාහන වියදම් යන කාරණා සම්බන්ධයෙන් සොයා බැලීමට මේ විගණනය සිදු කරන බව පැවසේ.
අමුලික බොරුවක් - සභාපති කියයි
මේ අතර, ජාතික චිත්‍රපටි සංස්ථාවේ සභාපතිවරයා මාධ්‍ය වෙත පවසා ඇත්තේ විගණනයක් සිදුවන නමුත් එය සිදුවන්නේ තමන්ට පෙර පැවති පරිපාලනය සම්බන්ධයෙන් බවයි.
''මට එරෙහිව විගණනයක් සිදුකරනවා කියන කතාව අමුලික බොරුවක්. ඔය පරීක්ෂණය කෙරෙන්නේ මගේ කාලයට අදාලව නෙමෙයි. මම සභාපති විදියට සංස්ථාවේ මුදලින් තේ එක්කවත් බීලා නැහැ. මගේ අතේ සල්ලි වියදම් කරගෙන තමයි මම සිනමාව ගොඩදාන්න, කලාකරුවන්ට ශක්තියක් දෙන්න සභාපති විදියට වැඩකලේ. දැනුත් වැඩකරන්නේ. ඔය විගණන වාර්තාව එලියට ආවහම පලකරන්න'' යයි ඔහු කියා සිටී.