මෙම හඬපටය බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ පුවත්පත විසින් පළ කර තිබේ. කෙසේවෙතත්, මෙම සිද්ධිය සිදුවූයේ කවදාදැයි එහි සඳහන් කර නැත.
කෙසේවෙතත්, මෙම හඬපටය සත්‍ය සිදුවීමක් බව ආරංචිමාර්ග සනාථ කරන බව ‘වරයිටි’ හා රොයිටර් පුවත් සේවා පවසයි.
මෙම බැණවැදීම සිදුව ඇත්තේ 'මිෂන් ඉම්පොසිබල් 7’ චිත්‍රපටයේ රූගතකිරීම් අතරතුරයි.
රූගතකිරීම් අතරතුරදී එහි සේවකයන් දෙදෙනෙකු පරිගණක තිරයක් ඉදිරියේ සමාජ දුරස්ථභාවය නොරැකීම හේතුවෙන් ටොම් කෲස් මෙලෙස කුපිත වී ඇතැයි පැවසේ.
මීට කලින් ඉතාලියේ රූගතකෙරුණු 'මිෂන් ඉම්පොසිබල් 7’ චිත්‍රපටය, කෝවිඩ් වසංගතය හේතුවෙන් පෙබරවාරියේදී නවතා දැමුණු අතර, තවදුරටත් ප්රමාදයතා ඇති නොවීමට පෞද්ගලිකවම කටයුතු කිරීමට තමා උත්සහ කළ බව ඔහු පවසා ඇතැයි ‘ද සන්’ පුවත්පත වාර්තා කරයි. චිත්‍රපටයේ අත්හිටවූ රූගතකිරීම් යළිත් දෙසැම්බරයේදී අරඹා තිබුණු අතර, මේ වන විට රූගතකිරීම් සිදුකරනු ලබන්නේ බ්‍රිතාන්‍යයේය.
එම හඬපටය පහත දැක්වේ.