Dec 17, 2020

කොරියානු පහන්කූඩු උළෙල, යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් වෙයි (වීඩියෝ)

දකුණු කොරියානු පහන්කූඩු උළෙල යුනෙස්කෝ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් ලෙස නම් කර තිබේ.

ශතවර්ෂ ගණනාවක් පුරාවට පැවතගෙන එන මෙම වාර්ෂික උත්සවය, බුදුන්වහන්සේ ගේ උපත සනිටුහන් කිරීමට සැමරෙන බව පැවසේ.

මෙම උත්සවය අතරතුරදී පන්සල්, නිවෙස් සහ වීදි අලංකාර කරන වර්ණවත් පහන්කූඩු දැකගත හැකි අතර, පහන්කූඩු රැගෙන සිදුකරන විශාල පෙළපාලි ද දැකිය හැක.

වසන්ත සමයේ පැවැත්වෙන මෙම උත්සවය “ප්‍රීතිමත් සමයක්” බවත්, එය දුෂ්කර කාල වලදී කරදර ජය ගැනීමට මිනිසුන්ට උපකාර කරමින් වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවත් යුනෙස්කෝ සංවිධානය කියා සිටියි.

පරම්පරා ගණනාවක් පුරා උරුම වී ඇති සම්ප්‍රදායන්, දැනුම සහ කුසලතා කාලයාගේ අවෑමෙන් නැතිවී හෝ අමතක වී යාම වළක්වා ඒවා ආරක්ෂා කිරීම යුනෙස්කෝ හි අස්පෘශ්‍ය සංස්කෘතික උරුම තත්ත්වයන් ප්‍රකාශ කිරීමේ අරමුණ වේ.

(වීඩියෝ : බීබීසී ලෝක සේවය)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top