Dec 27, 2020

ජනවාරි 1දා සිට සිනමාහල් විවෘතයි! Featured

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී තිබේ..

ඒ අනුව හුදෙකලා ප්‍රදේශ වල හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සිනමා ශාලා ලබන සිකුරාදා සිට විවෘත කෙරෙනු ඇත.

කෙසේවෙතත් සිනමා ශාලා විවෘත කිරීමේදී අදාළ සිනමා ශාලා විශබීජහරණයට ලක්විය බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

සිනමා ශාලා වසා තැබීමෙන් කලාවට සහ කලාකරුවන්ට සිදුව ඇති හානිය පිළිබඳ චිත්‍රපට නිෂ්පාදකයන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය ඇතුලූ කලාකරුවන් රැසක් පසුගියදා අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සිනමා කර්මාන්තය සුරක්ෂිත කිරීමට හැකි සෑම පියවරක්ම ගැනීමට රජය පසුබට නොවන බවද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කල බව එම නිවේදනයේ දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top