Dec 28, 2020

ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ දිවියෙන් සමුගනියි

ප්‍රවීන ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ මහතා මීගමුව රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 73 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා මේ දෙව් මැදුරෙම, සමාව ඉල්ලා දෙපා සිඹින්නට, වාරු නැගෙන් සිත, මහ සයුරේ ගැඹුරු දියේ, දීග නොයන් රත්තරනේ, අවන්හලක ඉපදී මා, තරු කතා කර අසයි හා මල් සිනාවකින් ඔබේ මුවේ වැනි ජනප්‍රිය ගීත කිහිපයක් ගායනා කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top