Jan 02, 2021

36 වසරකට පසුව 'Last Christmas' අංක එකට

නත්තල් සමයේදී ජනප්‍රිය පොප් ගීතයක් වන 'Last Christmas' එය නිකුත්වී පළමුවරට බ්‍රිතාන්‍යයේ UK singles chart අතර මුල් ස්ථානයට පැමිණීමට සමත් විය.

මියගිය සංගීත තරුවක් වන ජෝර්ජ් මයිකල් විසින් රචිත මෙම ගීතය, ඔහු හා ඇන්ඩෲ රිජ්ලි විසින් නිර්මාණය කළ Wham! කණ්ඩායම විසින් 1984දී එළිදැක්විණි.

එතැන්පටන් 36 වසරක් පුරාවට මෙම ගීය UK singles chart මුල් ගීත 10 අතරට පැමිණීමට සමත් වුවත්, අංක එකට පැමිණීමට සමත් වූයේ මේ නව වසරේදීය.

පසුගිය සතියේදී මෙම ගීය වාර්තාගත මිලියන 9.2 වරක් ස්ට්‍රීම් කර තිබුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.

වසර 2017දී ජෝර්ජ් මයිකල් මියයාමෙන් පසුව මෙම ගීය අංක එකට ගෙන ඒමට ඔහුගේ රසිකරසිකාවියන් උත්සහ කළද එඩ් ෂීරන් ගේ 'පර්ෆෙක්ට්' ගීතය අභිබවා යාමට එයට නොහැකි විය.

පසුගිය වසරේදී එළිදැක්වුණු 'ලාස්ට් ක්‍රිස්ට්මස්' චිත්‍රපටයද නිර්මාණය කර තිබුණේ මෙම ගීතයේ පදවැල් ඇසුරෙනි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top