Jan 02, 2021

නව වසරේදී දීපිකා ගේ ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම් හිස්වෙයි!

නව අවුරුදු උදාවත් සමග දීපිකා පදුකෝන් ගේ රසික රසිකාවියන් හට දැඩි ගැටළුවක් ඇති විය.

ඒ, දීපිකාගේ ට්විටර් හා ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් වල තිබූ සියළු පෝස්ටු ඉවත් කර තිබීම හේතුවෙනි.

මේ සමග, දීපිකාගේ ට්විටර් හා ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් හැක් කර ඇති බවට බොහෝදෙනාට සැක පහළවී ද තිබුණි.

කෙසේවතත්, ඊයේ (01) නව වසරට සුභපතමින් දීපිකා නව පෝස්ටුවක් සිය සමාජ ජාල ගිණුම් වලට එක්කර තිබුණු අතර, එහි දැක්වුණේ නව වසරේදී ඇය ඕඩියෝ දිනපොතක් පවත්වාගෙන යාමට අදහස් කරන බවයි.

DeepikaP Insta Screenshot 2021 01 02 at 18.31.07DeepikaP Twitter Screenshot 2021 01 02 at 18.30.43

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top