Jan 06, 2021

කොරෝනා හේතුවෙන් ග්‍රැමී කල් යයි

ලෝක ප්‍රකට සංගීත සම්මාන උළෙලක් වන ග්‍රැමී සම්මාන උළෙල මාර්තු මස 21 වැනිදා දක්වා කල්දැමීමට සංවිධායකයින් කටයුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සම්මාන උළෙල ජනවාරි 31 වැනිදා ලොස් ඇන්ජලීස් හි ස්ටේපල්ස් මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

කොවිඩ් -19 වසංගතය ඇමෙරිකාව තුළ වේගවත් වීම මෙම තීරණයට හේතු වී තිබේ.

63 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන සඳහා බියොන්ස්, ඩුවා ලිපා, රොඩි රිච් සහ ටේලර් ස්විෆ්ට් යන ශිල්පීන් මෙවර ඉහළින්ම නිර්දේශවුවන් වේ. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top