වසර 2018 දී නිකීට එරෙහිව නඩුවක් ගොනුකරමින් ට්‍රේසි පවසා තිබුණේ තමාගේ Baby, Can I Hold You Tonight ගීතයේ කොටස් නිකී විසින් ඇගේ Sorry නම් ගීතයට යොදාගෙන තිබුණු බවයි.
Sorry ගීතය කිසි විටෙකත් නිකුත් නොවූවත්, එහි අනුවාදයක් ගුවන්විදුලි DJ කෙනෙකු වන Funkmaster Flex වෙත ලැබී තිබුණු අතර, එය පසුව අතිජනප්‍රිය විය.
ට්‍රේසි විසින් චෝදනා කර තිබුණේ නිකී විසින් මෙම ගීතය Funkmaster Flex වෙත ලබාදී තිබුණු බවයි. කෙසේවෙතත්, මෙම චෝදනාව ඔවුන් දෙදෙනා විසින්ම ප්‍රතික්ෂේප කර තිබුණි.