Jan 12, 2021

අනුෂ්කා - කෝලි ට දුවෙක්! Featured

බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා ඊයේ (11) දිනයේදී සිය කුළුඳුල් දියණිය මෙලොවට බිහි කළ බව ඇගේ සැමියා වන ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පවසයි.

ට්විටර් පණිවිඩයක් පළකරමින් කෝලි විසින් මෙම සතුටුදායක පුවත සිය රසිකරසිකාවින් අතර බෙදාගෙන තිබේ.

“ඔබගේ සියලුදෙනාගේ ආදරය, යාඥා හා සුබ පැතුම් වලට ස්තූතියි, “ යැයි ඔහු පවසා තිබුණි.

රසික රසිකාවියන් අතර විරුෂ්කා ලෙස ආදරයෙන් හැඳින්වෙන අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි වසර කිහිපයක් පෙම්වතුන්ව සිටීමෙන් අනතුරුව 2017 දී ඉතාලියේදී විවාහ විය.

සබැඳි පුවත් :
අනුෂ්කා - කෝලි කැදැල්ලට තුන්වැන්නෙක්!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top