ජනවාරි 20දා පැවැත්වීමට නියමිත මෙම දිවුරුම් දීමේ උත්සවයේ ලේඩි ගාගා විසින් ජාතික ගීය ගැයීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ලේඩි ගාගා හා ජෙනිෆර් ලෝපෙස් දෙදෙනාම පසුගිය ජනාධිපතිවරණයේදී බයිඩ්න් මහතා ගේ මැතිවරණ ව්‍යාපාරයට සහය පළකර තිබුණි.
දිවුරුම් දීමේ උත්සවයෙන් පසුව මොවුන් තරු රැසකගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහනක් පැවැත්වෙනු ඇති අතර, මෙය එරට රූපවාහිනි නාලිකා කිහිපයක් විසින්ම සජීවීව විකාශය කරනු ඇත.